Colombo Today Local News

මුහුණු පොතේ පිරිමින් මුලාකර ගණිකා වෘත්තියේ යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකුගේ ජාවාරම.

මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්‍ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ (10)දින අලූයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

ඒ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ ස්ථාන තුනකදී බව පොලිසිය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.

ඒ අනුව කාන්තාවන් මිලදී ගන්නා මුවාවෙන් එම ස්ථානවලට ආදේශන රාජකාරියෙන් ගිය පොලිස් නිලධාරීන්, මුදල් ගෙවා කාන්තාවන් මිලදී ගැනීමෙන් පසුව, ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව එකම අවස්ථාවකදී එම ස්ථාන වටලා ගණිකා වෘත්තිය සඳහා රැඳී සිටි කාන්තාවන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පවසයි.

ඉංගිරිය සහ මාතලේ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඞී පසුව ගිවිස ගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක්ද සිටි බව පොලිසිය කියයි.

මොවුන් වයස අවුරුදු 24, 43 සහ 28 වයසේ පසුවන්නන් බවද පැවසේ.

කොළඹ ප‍්‍රදේශයේ රැකියා කරන බව නිවෙස්වලට පවසා මෙහි රැඳී සිටිමින් මුහුණු පොත හරහා සිය ගිණුමට එකතු වන මිතුරන්ට, ‘‘මගේ අම්මා මට බෑණා කෙනෙක් සොයයි…, මට පාලූයි පුලූවන්නම් ඇමතුමක් ගන්න…, ආදරේ කරන්න මිතුරෙක් සොයයි….’’ යනුවෙන් වැකි සඳහන් කොට අදාළ දුරකථන අංකයට කතා කරන මිතුරන් සමඟ පේ‍්‍රම සබඳතාවක් ඇති කරගෙන, මුදලට ලිංගිකව හැසිරීමට පොළඹවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday