Colombo Today Local News

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටියදි අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකුට කොරෝනා..

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල සැරිසරමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ ඊයේ (06) දිනයේ සිදුකෙරුණු මෙහෙයුම්වලදීය.

බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී ඊයේ දින මුඛ ආවරණ නොපැළඳ සිටි සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර නොගත් 523 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 252ක් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර එම ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.

තවත් 271 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතය. පෙරේදා (05) දිනයේද බස්නාහිර පළාතේ ඒ ආකාරයෙන් 510 කු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ද ලැබීමට නියමිතය.

මේ අතර ඊයේ දිනයේ වැඩිම පිරිසක් පරීක්ෂාවට ලක්කර තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

අද (07) දිනයේද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday