කුඩාඔය පොලිස් වසමේ තෙලුල්ල ජනපදය 39 කණුව ප්රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙකු කුඩාඔය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු,දරුවාගේ බාප්පා සහ දරුවා යන තිදෙනා හේන් යායක දර පැටවීමට ගොස් ඇති අතර නැවත සැකකරු සමඟ දරුවා නිවසට පැමිණෙන අතරමඟදී සැකකරු විසින් දරුවා අපයෝජනය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර අද (09)දින වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.