Colombo Today Local News

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.

ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ මහරගම පිහිටි නිල නිවසට පැමිණීමෙන් අනතුරුව ය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වන ලෙස අභියාචනාධිකරණය අද (ජූනි 9) නියෝග කළේ ය.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය.

ගාලු මුව‍දොර විරෝධතාකරුවන්ට මැයි 9 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (8)දින වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.

Related posts

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday

මත්ද්‍රව්‍ය දී තරුණයන් හොරකමේ යෙදවූ අඹුසැමි යුවල බඩුත් එක්කම මාට්ටු

colombotoday

ෆෙඩරල් නොදෙන බවට ප්‍රකශයක් කරන්න

Admin

සජිත්ගේ උපාධියක් නෑ… ලෙඩක් නිසා අනුකම්පා සහතිකයක් දීලා – ඩේලි ටෙලිග්‍රාෆ් කියයි

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin