Colombo Today Local News

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

යාපනය අර්ධද්වීපය තුල විවිධ අපරාධ ක්‍රියාවල නිරතවු ආවා නම් සන්නද්ධ කණ්ඩායමේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනනය කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි මෙම සැකකරුවන් දෙදෙනා කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන්ගෙන් සිදුකල දීර්ඝ ප්‍රශ්ණ කිරීම්වලින් පසු අපරාධවලට යොදාගත් ජීව අත්බෝම්බයක් / කඩු 3 ක් සහ කෙටේරියක් සොයාගෙන තිබෙනවා.

ජනවාරි 25 වනදා යාපනයේ නිවසකට පහරදී අලාභ හානි සිදුකර එක් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල කිරීම / ජනවාරි 30 වනදා නල්ලුර් ප්‍රදේශයේ වෙළඳසැලකට ගිනි තබා පුද්ගලයන් දෙදෙනෙකුට කඩුවලින් පහරදී තුවාල සිදු කිරීම මෙන්ම ජනවාරි 26 වනදා යාපනයේදී බස් රථයකට පහරදීමට ද මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය නිවේදනය කලේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

වෙළඳ නැවක සිටි කොරෝනායැයි සැක නාවිකයෙකු නාවික හමුදාව කොළඹ වරායට රැගෙන එයි.

colombotoday

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday