Colombo Today Local News

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුවත් සමඟ  එම රැස්වීම  අතරමග නවතා දැමීමට සිදුවිය. මෝඩයා, පිස්සා මාධ්‍ය සංදර්ණ විතරයි, නපුංසකයා, මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා  ආදි වචනද දෙපක්ෂය අතර හුවමාරු වීමත් සමග දෙපක්ෂයේ ආධාරකරුවන්ද දෙදෙනා වටා රොක් වූහ.

පොලිසිය හා මන්ත්‍රී ආරක්ෂකයින් මෙන්ම පළාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහත්වරුන්ද දෙදෙනා දෙපසට කිරීමට මහත් වෙහෙසක් ගත්හ.

විනාඩි 45 ක් පමණ මේ ගාලගෝට්ටිය පැවති අතර ඒ වනවිට ශාලාවේ සිටි වැඩි දෙනා   පිටව ගොස් තිබූ අතර සැලසුම් අධ්‍යක්ෂිකා ආශා සිරිවර්ධන  මහත්මිය රැස්වීමේ කටයුතු අවසන් බවට නිවේදනය කළාය.

ශාලාවේ පිරිස් කලබලයෙන් පිටව යද්දී පුටු රැසක් පෙරලී තිඛෙනු දැකිය හැකිවිය. පසුව දෙපැත්තේ ආධාරකරුවෝ හා පොලිසිය මන්ත්‍රීවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැඳවාගෙන ගියහ.

 

Related posts

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන 1977ට දැනුම් දෙන්න

Admin

හිටි හැටියේ පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. ඇමති අලි සබ්‍රිගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න. | රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි.

colombotoday

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday