Colombo Today Local News

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුදහමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර ඇති බවට වාර්තාවේ.

මීට පෙර ඔහු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ලෙසද යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙසද කටයුතු කරනු ලැබීය.

ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ජගත් කොඩිතුවක්කු 1986 දී කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව සාර්ථක ලෙස පාඨමාලාව හදාරා 1987 වර්ෂයේදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවට එක් වී ඇත.

30 වසරක යුද්ධය නිමා කිරීම වෙනුවෙන් දියත් වු මානුෂික මෙහෙයුමේදී කැපී පෙනෙන කර්තව්‍යයක් ඉටු කළ ජගත් කොඩිතුවක්කුගේ යුද හමුදා සේවා කාලය අවුරුදු 37කි.

Related posts

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

colombotoday

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday