Colombo Today Local News

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

රජයට එරෙහිව පසුගිය දා මාතර මහානාම පාලම මතදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර පොලිස් ත්‍රීවීල් රථයකට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (6)දින වසර තුනහමාරක සිර දඬුවමක් නියම කර ඇත.

විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි මාතර මැද්දවත්ත ජනරජ මාවතේ පදිංචිකරුවකුට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ සිර දඬුවම් නියම කර තිබේ.

මාතර පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම, අයුතු අවහිර කිරීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම, පොලිස් නිල රථයක් වූ ත්‍රිරෝද රථයකට පහරදී අනර්ථයක් සිදු කිරීම යන චෝදනා හතරට වැරදිකරු කරමින් සහ විත්තිකරුගේ පෙර වැරදි සැලකිල්ලට ගෙන මෙම නියෝගය ලබා දී තිබේ.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අනිල් ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related posts

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ තීරණයට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ විරෝධය…

colombotoday