එප්පාවල – ඇදගල මංසන්ධියේ නිවසක දී දෙදෙනකු ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රියේ නිවසේ හිමිකරු සහ ඔහුගේ මිතුරෙකු මත්පැන් පානය කරමින් සිටියදී කිසියම් පිරිසක් එම ස්ථානයට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 46 සහ 31 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර මොවුන් දෙදෙනා දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවූවන් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කර ඇත.