Colombo Today Local News

“අපරාධකාරයෙකුට කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්න බැහැ… ” – විජිත හේරත්

“අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (ජූනි 6) අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් තබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට ද ඇතැයි ඔහු පැවසීය.

“ඉල්ලා අස්වෙන්න ඕනේ. මහාධිකරණයකින් දඬුවම් නියම වුණා නේ. මේ වගේ දෙයක් වුණා ම නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක් නේ. පොඩි ගණනකුත් නෙමෙයි රුපියල් මිලියන 64ක ලොකු කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තට ම ඉල්ලා අස් වෙන්න ඕනේ.

ජනාධිපතිවරයාට ත් වගකීමක් තියෙනවා, එවැනි අයව තවදුරට ත් කැබිනට් මණ්ඩලයේ තියාගන්නේ නැතුව ඉන්න.

බරපතළ වැඩ සහිතව අත්හිටවූ සිර දඬුවමක් දුන්න ම එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත් ම සුදුසු නැහැ.”

Related posts

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

colombotoday

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

colombotoday

නාරම්මල නායයෑමකින් හෙදියක් මරුට

colombotoday

හරින්ට නිල නිවසක් සමගින් තනියට අත්භූත නාගයෙක්

colombotoday

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් – අයදුම්පත් කැඳවීම අරඹ‍‍යි

Admin

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin