Colombo Today Local News

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද(6)දින කොළඹ වාණිජ මහාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේ ය.

ඒ, රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් නිකුත් කළ වාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය 02 වැනිදායි.

ඒ අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රි ලංකා බලධාරීන් විසින් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබිණ.

Related posts

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

Admin

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday