Colombo Today Local News

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 17.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි මස පැවැති උද්ධමනය සියයට 16.8ක් විය. පෙබරවාරි මාසයේ සියයට 17.5ක උද්ධමනය සඳහා ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වැඩිවීම හේතු වී ඇත. මේ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 24.4 සිට සියයට 24.7 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 10.2 සිට සියයට 11 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ආහාර කාණ්ඩය තුළ ඇති සහල්, පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ලූනු, පොල්තෙල්, මාළු, කරවල, වියළි මිරිස්, කුකුල් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම පෙබරවාරි මස ආහාර උද්ධමනය සියයට 24.7 දක්වා වැඩිවීමට හේතු වී තිබේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21දා* පෙබරවාරි මස උද්ධමන අගයන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

මේ අනුව පෙබරවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය ඒකක 167.8 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ඒකක 166ක් විය.

Related posts

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday