Colombo Today Local News

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

tna 265ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත්තේ සාම්පූර් විද්‍යාලයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේදීය.

පවතින ව්‍යවස්ථාව මගින්ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා, කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමට බලය විමධ්‍යගත වී නැති බවත් පෙන්වා දී ඇත.

එබැවින් නව ව්‍යවස්ථාව මගින් තවදුරටත් බලය විමධ්‍යගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කළ ඔහු, නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ මතුකරමින් සිටින පරස්පර විරෝධී අදහස් පිළිබඳව අවධානය යොමු නොකළ යුතු බවද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර පූර්ණ සංහිඳියාවක් ඇතිකරනු වස් ෆෙඩරල් ක්‍රමයක් මත පදනම් වූ අර්ධ අනාගමික රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බ්‍රහස්පතින්දා කොළඹදී විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කර තිබුණි.

(BBC)

Related posts

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

colombotoday

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

colombotoday

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

colombotoday

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday