Business

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්  සීයට අනූනමයක්  වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්ව මෙම මාධ්‍ය හමුව පැවැත්වූහ.

මාධ්‍ය හමුව ඇමතූ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ පසුගිය කාලයේ ඇතිවූ නියඟය හේතුවට වඩා මහා පරිමාණ ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුවී සහල් නිෂ්පාදනය කරන මුවාවෙන් මහා පරිමාණ වී මංකොල්ලයක් සහ සහල් මංකොල්ලයක් සිදු කරන බවයි.

ලංකාව පුරාම සිටින සුළු  හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ  ආයතන වසා දැමීමට සිදුව ඇති බව ද ඔහු  පෙන්වා දුන්නේ ය. එමෙන්ම සහල් මෝල් ආශ්‍රිතව සේවය කළ විසිපන්දාහක් පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සිය ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණවී සිටින බව ද හෙතෙම කීවේය.

Related posts

ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි

colombotoday

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

colombotoday

ලොව පුරා රත්‍රන් මිල ඉතිහාසගත ඉහළම අගයට!

Admin

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday