Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

මන්නාරම, ඒරුක්කලම්පිටිය ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 01 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදියකින් අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ත්‍රිරෝද රථයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරින් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.

අත්අඩංගුව‍ට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 39 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඔවුන් අද (05)දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එක්නැලිගොඩගේ කොටි සබදතා පිළිබද හඬපටයක්‌ යුද හමුදාව CIDයට භාර දෙයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

colombotoday

මත්පැන් සාදයේදී නාවික භටයෙක් තවත් නාවික භටයෙක්ව මරලා

Admin

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin