Colombo Today Local News

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ, දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් වන බවයි.

නාස්තිය හා දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ, අදට යෙදී ඇති අන්තර් ජාතික දූෂණ විරෝධි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

සුපැහැදිලි බහුතරයක් සහිතව තම ජයග්‍රහණය සහතික කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයෙන් තොර කාර්යක්ෂම දේශයක් ගොඩනැගීමට සිය සහය සහ අභිලාශය පලකර ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා පැවසුවේ , රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්යභාරයක් ඉටුකරන ලෙස රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩාත් දැනුවත් වන ලෙස හා කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම්වලට එරෙහිවන ලෙස ජනතාවට තමන් ආරාධනා කරන බවයි.

Related posts

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin