විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සදුදා නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව සෞඛ්‍ය / පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කලා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවද අගමැතිවරයා විවේචනය කලද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ගැටලුවක් ඇති නොවන බවද ඇමතිවරයා සදහන් කර තිබුණා.