Covid 19

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

පයාගල හොරගස්කැලේ ග‍්‍රාම නිලධාරී වසමේ මළගෙදරකට සහභාගී වූ හැට හතර දෙනෙකු සඳහා සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණවලදී ඉන් පනස් හතරකට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර ඇත.

ඒ අනුව හදුනාගත් ආසාදිතයන් රෝහල් ගත කිරීමටත් අනෙකුත් ආශ‍්‍රිතයන් නිරෝධායනය කිරීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඊයේ(20)දින කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදනය නොවූ අනෙකුත් පුද්ගලයින් දසදෙනා කොවිඩ් එන්නත ලබාගෙන සිටි පුද්ගලයින් වීමද විශේෂත්වයක්.

මීට අමතරව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මුල්ලපිටිය ග‍්‍රාම නිලධාරී වසම කොවිඩ් ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ප‍්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙන බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරන්නේ
පසුගිය දින තුනක කාලයක් තුළ මුල්ලපිටිය ප‍්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි ප‍්‍රමාණයක් හමුවී ඇති අතර ඔවුන්ගෙන් 11දෙනකු එකම පවුලේ සාමාජිකයන්.

Related posts

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

අදත් කොවිඩ් ආසාදිතයින් 3,414ක් | මරණ සංඛ්‍යාව 160 ඉක්මවයි

colombotoday