Colombo Today Local News

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

නව ව්‍යවස්ථව සැකසීම සදහා පිහටුවා ඇති ව්‍යවස්ථා සම්පාදක අනුකමිටු 6න් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි සාමාජිකයන් ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, තාරක බාලසූරිය, විදුර වික්‍රමනායක, බන්ධුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අනුකමිටුවල සිටි මන්ත්‍රීවරුන් එම අනුකමිටු වලින් ඉවත් වනු ඇත.

ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ සැඟවුණු, ගුප්ත, යටි කූට්ටු භාවය හේතුවෙන් මෙසේ එම අනුකමිටුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර ඇතත් ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් ඉවත් වීමේ තීරණයකට එළැඹ නැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

colombotoday

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin