ගංවතුර තත්ත්වයක් ඇතවීමට ඉඩ ඇති බැවින් ත්රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි ඇත.
ජල ගැනීම් හා ආපදා තත්ත්වයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබදව ඊයේ අග්රාමාත්ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.
එසේම දිසාපති හා ප්රා දේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්රාදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන්ද අග්රාමාත්යවරයා ඉල්ලා සිටියේ ය.