Colombo Today Local News

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

එම කොමිසම ප්‍රකාශ කළේ 11.25% ක්ව පැවැති විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා ඉහළ නැංවෙන අතර මේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී සිට දුරකථන ගාස්තු ඉහළ යන බවයි.

ඊට අමතරව 8%ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ නමුත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්දෙන් බලපෑමක් නොමැති අතර වැට් බද්ද අනුව එම ගාස්තු 4% කින් ඉහළ යයි.

Related posts

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

colombotoday

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

ටිපරයක් සහ මෝටර් රියක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

Admin