Colombo Today Local News

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

පුත්තලම ඩිපෝ හංදියේදි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3) උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්වි ඇත්තේ කරුවලගස්වැව සිට මුන්දලම දක්වා ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයකි.

කරුවලගස්වැව සිට ඇගළුම් සේවිකාවන් රැගෙන ගමන් කරමින් තිබියදි එකවර බස් රථය රියදුරාට පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20 කට ආසන්න ඇගළුම් සේවිකාවන් පිරිසක් ගමන් කර ඇති අතර කිසිවකුටත් බරපතල තුවාල සිදුව නැති බව පොලිසිය සදහන් කරයි.

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

Admin

අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් උලමා සංවිධානය වසංගතයෙන් මිදෙන්න දෙවියන්ගෙන් භාග්‍යයත් ඉල්ලයි

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි පැවසෙන විදුලි බල ගනුදෙනුව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday