Colombo Today Local News

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

ඊයේ 28 දින රාත්‍රී කාලයේදී අළුත්ගම පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ දර්ගානගරය ප්‍රදේශයේ අළුත්ගම දෙස සිට මතුගම දෙසට ධාවනය වූ හඳුනා නොගත් වාහනයක මාර්ගයේ ගමන් කල පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදිකයා බරපතල තුවාල ලබා සින්නවත්ත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 58 ක් වූ දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සි නවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සිදුකල වාහනය අනතුර වාර්ථා නොකර පලාගොස් ඇති අතර එම රථය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සදහා අළුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්න වැඩකරපු මැඩිල්ලේ හිමිට විරුද්ධව පැමිණිලි දැම්මේ නෑ. | අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි.

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin