Colombo Today Local News

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ඊයේ (28) දින සවස් කාලයේ අම්පාර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අම්පාර පොලිස් වසමේ එරගම, අම්පාර ප්‍රදේශයේ දී විදේශ රටක සිට මෙරටට රැගෙන එන ලද බවට සැක කරන වාලම්පුරි 02 ක් රැපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීම සදහා සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අම්පාර පොලිස්ථානය වෙත ඉදිරිපත්කර ඇත.

සැකකරුවන් වයස අවුරුදු 32, 44 හා 51 ක් වන පොල්ලේගොඩ, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (29)දින අම්පාර ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අම්පාර පොලිස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday