අකුරැස්ස තිබ්බටුවාව ප්රදේශයේ නිවසක් තුළ කපු මහතෙක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් නිලවලා ගඟට දැමූ බව කියන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු බලකාවල ප්රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවරිදි තරුණයෙකි.
සැකකරු විසින් නිල්වලා ගමට දැමූ කපුමහතාගේ හිස කොටස සහ ඝාතනයට යොදාගත් කඩුව සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.