පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනයන්වල දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කෙරෙන බවට වාර්තා වී ඇත.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් මෙම වැඩවර්ජනයට එක් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබේ.