Colombo Today Local News

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

අද(27)දිනයේ සිට ලබන 03 වැනි දා දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම ප්‍රදේශවලටම රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනි දා සහ 03 වැනි දා හැර සෙසු දිනයන්වල පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැය 02ක විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

M N O X Y Z කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනි දා සහ 03 වැනි දා හැර සෙසු දිනයන්වල අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 03 ක විදුලිය කප්පාදුව සඳහා අවසර දී තිබේ.

Related posts

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

colombotoday

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

colombotoday