Colombo Today Local News

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

වැල්ලව පොලිස් වසමේ හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (1)දින සවස් කාලයේදී ගින්න හට ගෙන ඇති අතර මේ වන විට ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමේදී ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබූ රාක්කයක් අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත හාගි කිසිවක් වාර්තා වී නැත.

ගින්න සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටි සිසුවෙක් මරුට

Admin

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday