Colombo Today Local News

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

ඉදුරුව යාලේගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සඟවා සිටි ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.

එම ඉන්ධන තොගය සගවා තබාගත් ව්‍යාපරිකයාද මේ සමගම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

ලැබුණු තොරතුරකට අනුව එම ව්‍යාපාරිකයාගේ ගබඩා කාමරය වටලා මේ ඉන්ධන තොගය සොයා ගත් බවද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Related posts

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි… මන්ත්‍රීලා සභාගැබෙන් පිටවෙයි….

colombotoday

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නායයෑම් රතු නිවේදන

colombotoday