Colombo Today Local News

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qi-Zhenhong) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ දින (ජූනි 22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සඹඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සහ දේශපාලන තත්වය, අර්බුධකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිඹඳව ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම කරන බවට තානාපති වරයා එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිඹඳව අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංසන පළ කිරීමද සිදු කර ඇත.

Related posts

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන වර්තව අධිකරණයට – කොටුව පොලිස් ස්ථානාධිපති දුරකතන ඇමතුමක් දුන් බව දේශබන්දු පිළිගනී

colombotoday

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

ඇමැති චන්න ජයසුමන පැවරූ අපහාස නඩුවට වෙනස්ම තීන්දුවක්. අසේල සම්පත්ට ගාස්තු ගෙවන්න නියම වෙයි. අතුරු තහනම ඉවතට..

colombotoday

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin