Colombo Today Local News

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය කියයි.

පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහු මිතුරකු සමග අදාල වත්තට ඇතුළු වී සරුංගල් යවා තිබෙන බව කියති.

ඒ සමගම මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා හෙමින් සීරුවේ නිවසට ගොස් ඇත.

පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත රෑගෙනවිත් ඇතුලත් කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.

කෙසේ වෙතත් පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

පානදුර පාරක මළ සිරුරක්

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin