Colombo Today Local News

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

අද (15) සිට නව පාසල් බස් රථ 21 සිසු සැරිය බස් සේවාව සඳහා යෙදවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයට ප්‍රවේශ වන සියලු ම මාර්ග ඔස්සේ මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම බස් රථ සේවාව උදෑසන 5.30 සිට ආරම්භ කිරීමට නියමිත ය.

පවතින ඉන්ධන අර්බුදය මත පොදු ප්‍රවාහන සේවය බිඳ වැටීම හේතු කොට ගෙන, සිසුන් පාසල් වෙත පැමිණීමේ දී මතුවන බාධා සහ ප්‍රමාදය මගහරවා ගැනීම මෙම නව සේවාවේ අරමුණ වේ.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, මාසයක් ඇතුළත මෙම සේවාව බස් රථ 50 දක්වා වැඩි කිරීමට සුදානම් කර ඇති බව ය.

Related posts

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

Admin

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා පන්නනවා ! – අගහරුවාදාට කැබිනට් රැස්වීම වටලනවා !

colombotoday

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

colombotoday