Colombo Today Local News

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැ‌බේ.

ඇතැම් පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

එහෙත් කොයි මොහොතක හෝ ඉන්ධන ලැබේවී යැයි අපේක්ෂාවෙන්, ප්‍රදේශ රැසක ජනතාව රැය පහන් කළේ ඉන්ධන පිරවුම්හල් අසලයි.

ජනතාව පෝලීම්වල රැඳී සිටියත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව හෙට (16)දින මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම මේ වනවිට සීමාවකට යටත්ව සිදු කරමින් පවති.

මේ අතර පිරවුම්හල් ඇණවුම් කළ ඉන්ධන නියමිත පරිදි නිකුත් නොකිරීම හේතුවෙන්, අද සිට ටැංකි රථ සුළු සංඛ්‍යාවක් නියම කරන ලද කාල සටහනකට අනුව පමණක් ධාවනය කරන බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

Related posts

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

මතට ඇබ්බැහි වුවන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

colombotoday

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday