Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු යෝජනාව අද කැබිනට්ටුවට

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අදාළ නිවාඩුව මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම නිවාඩුව සෞඛ්‍ය, අධ්‍යාපන සහ හඳුනා ගන්නා අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව ද, අමාත්‍යවරයා පවසයි.

මේ අතර සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් ජාතික කම්කරු සභාවේ අවදානය යොමු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

එම යෝජනාව සම්බන්ධයෙන් හාම්පුතුන් ඇතුළු අංශ සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන බව ඔහු පවසයි.

Related posts

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday