Colombo Today Local News

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

දිවයිනේ ප්‍රදේශ රැසක ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් බස් ධාවනය ඇතුළු ලංගම ඩිපෝ මගින් සපයන සියලු ම සේවාවලින් ඉවත් වී තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 107ක සේවකයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතා පවසයි.

2018 වසරේ සිට ලංගම සේවකයින්ගේ වැටුප් සංශෝධනය නොකිරීම මුල් කරගෙන එම සේවකයින් මෙලෙස සේවා සැපයීමෙන් ඉවත් වී ඇත.

කෙසේ වෙතත්, ඊට විසඳුම් ලබා දෙන බවට අමාත්‍යංශය දැනුවත් කිරීමෙන් අනතුරුව ඩිපෝ රැසක සේවකයින් යළි සේවයට වාර්තා කර ඇති අතර ඩිපෝ 18ක සේවකයින් තව දුරට ත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත බව ඔහු වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday