Colombo Today Local News

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතනවලින් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ඔස්සේ සහතික කිරීමට මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැලසෙන බවය.

මේ වනවිටත් පුද්ගල දත්ත ඔන්ලයින් ක්‍රමවේදයට තහවුරු කිරීමේ සේවාව ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් ගිවිසුම්ගත වී ඇති බව ද වියානි ගුණතිලක මහතා පවසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන රැසක් සමග ගිවිසුම්ගත වීමට ද නියමිත බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණික දායකත්වයෙන් සිදු කෙරෙන මෙම වැඩපිළිවෙළ ඔස්සේ වංචනික ක්‍රියා වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව, නව තාක්ෂණය සමග මුසුවූ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය තුළ පුද්ගල අනන්‍යතාව වඩාත් නිවැරදිව හා විශ්වසනීයව තහවුරු කරමින් විධිමත් හා කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සඳහා සියලු ආයතනයන්ට අවශ්‍ය සහාය ලබා දීමට හැකියාව ලැබී ඇතැයි ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Related posts

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ රෙදි ගැලවේ.. විල්පත්තු සංහාරයේ සියළු තතු එළියට !

colombotoday

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

colombotoday

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

colombotoday