Colombo Today Local News

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නැතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයෙ (05) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නොකරන්නේ මන්දැයි තමාට ද ගැටලුවක් බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

ලංකා සතොසේ සුදුලූනු වංචාවචක් සිදුවී ඇති බව තමා පිළිගන්නා නමුත්,හිටපු විධායක අධ්‍යක්ෂවරයා තමා ඉලක්ක කර ගනිමින් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි ද ඇමති ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දෙන බව පවසා ඇත.

Related posts

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin