නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ එම බන්ධනාගාරයට තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඉන් අනතුරුව සිරකරුවන් පැනගිය බවත් ය.
එම බන්ධනාගාර සංකීර්ණයේ පරිපාලන ගොඩනැගිල්ල ට පුපුරණ ද්‍රව්‍ය යොදා එය පුපුරුවා හැර තිබේ.
පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබුණි.