Colombo Today Local News

ගොවීන් 60%කට පොහොර සහනාධාරය කැපේ !

Pohora23වී ගොවිතැන් සඳහා පොහොර සහනාධාරයට අදාළ මුදල් නිකුත් කිරීමේදී ඉඩම් ඔප්පුවල පිටපතක් ඉල්ලා සිටීම නිසා මෙරට ගොවියන්ගෙන් 60% කට පොහොර සහනාධාරය අහිමි වී යාමේ ගැටලූවක් පැන නැගී ඇත.

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කුඹුරු ඉඩම් නාම ලේඛනයේ නම සඳහන්ව ඇති ගොවීන් සඳහා පමණි.

නම සඳහන්ව නැති ගොවීන් සිටීනම් ඔවුන් ඔප්පුවේ පිටපතක් ග‍්‍රාමසේවකවරයා ලවා සහතික කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා දී කුඹුරු ඉඩම් නාමලේඛනයට සිය නම ඇතුළත් කරගත යුතුව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ ප‍්‍රතිපත්තිය හමුවේ ගොවියා දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර මේ කි‍්‍රයාවලිය හේතුවෙන් ඉඩම් ඔප්පු නොමැති මෙරට වී ගොවීන් සියලූ දෙනාටම පොහොර සහනාධාරය අහිමි වේ.

එමෙන්ම ඔප්පු වෙනුවට බලපත‍්‍රලාභී ගොවි පවුල්වල සාමාජිකයෝ මේ නිසා දැඩි පීඩාවකට පත්ව සිටිති. පොහොර සහනාධාරය ලබා දීමේ මේ කොන්දේසිය නිසා මහවැලි කලාපයේ අනුපවුල් සඳහා ද පොහොර සහනාධාරය නොලැබී යනු ඇත.

කුඹුරු ඉඩම් නාමලේඛණය යාවත්කාලීන නොකිරීම හා ගොවීන්ට ඉඩම් ඔප්පු ලබා නොදීම ඊට හේතුවී තිබේ.

(සත්හඬ)

Related posts

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin