Colombo Today Local News

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න සහ අනුර පි‍්‍රයදර්ශන යාපා , ආතාවුද සෙනවිරත්න සහ ජගත් පුෂ්පකුමාර යන යන මහත්වරුන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු නොකළ ආසන සංවිධායකවරුන් ඉවත් කර ඒ සඳහා නව සාමාජිකයන් පත් කිරීම මුල් කර ගනිමිනුයි මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ.

ඉකුත් ජනාධිපතිවරයණයෙන් සහ මහමැතිවරණයෙන් පසු ඇතැම් සංවිධායකයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධාවන අයුරින් කටයුතු කළා. පක්ෂයේ පොදු වැඩ කටයුතු සහ අරමුණු වෙනුවෙන් ඇතැම් සංවිධායකයින් කිසිදු සහයක් ලබාදී නැහැ. එම නිසා නව සංවිධායකයන් පත් කිරීමට තීරණය කළ බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේ

Related posts

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

බන්ධනාගාරගත රන්ජන් , ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයට

colombotoday

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

colombotoday