Colombo Today Local News

“ආර්ථික අර්බූදයට, ජිනීවා කොමිසමට මහින්ද බය වුණා.. ඡන්දෙට ගියේ ඒ නිසයි” – ජනපති එජාප සමුළුවේදී

mithrepala-sirisena
ඇමති මණ්ඩලයේ විරෝධය නොතකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත කාලයට වසර දෙකකට පෙර ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට ඇති බිය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර සමුළුව අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

“ඇමති මණුඩලය එපා කියද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියමිත කාලයට වසර දෙකකට කලින් ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට ඇති බයි නිසායි. අද ඔහුට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා“

වසර 70 කට පෙර සිංහල, දමිල හා මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ සියළුම දෙනා එකමුතු කරගෙන සංහිඳියාව ගොඩ නගන්න ඩී.එස්.සේනානායක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ එදා ගත් උත්සාහය මෙතෙක් අන් කිසිවෙකුගෙන් ඉටු වීනොමැති බවත් අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කාරනය තේරුම් ගෙන එය ඉටු කිරීමට ගන්නා උත්සාහය සාර්ථික කර ගැනීමට සියළු දෙනාගේ සහාය බලා පොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Related posts

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

ගැස් හොරට වික්ක යුවළකට වැඩ වරදී

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

colombotoday