Colombo Today Local News

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යතාවක් නොමැති බවත්, එහෙත් එතුමාට පිටුපසින් සිටිමින් ශ්‍රීලනිප දෙපාර්ශය එකතු කිරීම වළක්වන යම් අදිසි හස්ථයක් ක්‍රියාත්මකව ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තවමත් උත්සාහය පක්ෂය බෙදීම නවත්වා ගැනීම බවත් පක්ෂයේ හිටපු නායකයින් දෙපලත් වත්මන් නායකවරයාත් එකතුවීමට හැකියාවක් නොමැති වීමේ ඉඩකඩක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යන තිදෙනා එකම වේදිකාවට ගෙනවිත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් මැතිවරණයට මුහුණදීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තාවෙයි.

Related posts

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday