Colombo Today Local News

පයාගල දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

පයාගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.

පයාගල, මිල්ලගස් උඩුමුල්ල ප්‍රදේශයේ ඊයේ (08)දින ආරවුල සිදුව ඇති බවත්, රාත්‍රි 10.45 ට පමණ 1990 සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට තුවාලකරු රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තාවේ.

මියගොස් ඇති පුද්ගලයා පයාගල, දංවත්ත අක්කරවත්ත, ප්‍රදේශයේ පදිංචි චන්න සපරමාදු නැමැති 48 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

පයාගල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.

Related posts

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday

“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්‌වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපති

colombotoday

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

colombotoday

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

පැමිණිලිකාරයා සොයාගෙන ගිහින් නඩු දාන්න නීතියක් ලංකාවේ තවම නෑ – කොමිසමේ සභාපති විනිසුරු

colombotoday