ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද සිටි බව දැක ගත හැකිවිය.
ඇමති සනත් නිශාන්ත මැර කණ්ඩායමක් සමග අරගල භූමියේ පොලු ද අතැතිව සැරිසරන අයුරු දක්නට ලැබුණි.
මේ අතර පොදුජන පෙරමුණේ මැරයන්ගේ මැර ප්‍රහාරයෙන් පුද්ගලයින් 23කට වැඩි පිරිසක් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.