Colombo Today Local News

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

udaya gammanpilaපූස්පැටියෙකු ලෙස සිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා කොටියෙකු බවට බවට පත් කළේ වත්මන් ආණ්ඩුව විසින් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (03දා) පැවසීය.

හිටපු කොටි සාමාජිකයන් විසින් උතුරේ සිංහල බෞද්ධයන්ට හා රණවිරුවන්ට තර්ජනය කරමින් පහරදීම් සිදුකළද වත්මන් ආණ්ඩුව නිවටව බලාසිටීම නිසා විග්නේෂ්වරන් මහතා මේ අයුරින් හැසිරෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පිටකෝට්ටේ, පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“2009 සිට 2015 දක්වා පූස්පැටියෙක් වගේ හිටිය විග්නේෂවරන් හදිසියේම කොටියෙක් වෙලා ගොරවන්න පටන් ගත්තේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන.ඒ කාලෙ ඔය වර්ජන ගර්ජන මොකුත් තිබුණෙ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා බලන්න ඔහු ආවේ ගණ දෙවියන්ගේ රූපයක් තෑග්ගකට අරගෙන.බොහොම සාමකාමීව,බොහොම සුහදශීලීව උතුරු පළාතේ මහඇමතිකම කරගෙන ගියා.මේ පූස්පැටියා හදිසියේ කොටියෙකු බවට පත්කළේ මේ නිවට ආණ්ඩුවයි. ” යැයි මන්ත්‍රීවරයා පැවැසීය.

Related posts

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

අලුත් අවුරුද්දට අලුත් කොරෝනා නීති මාලාවක් නිකුත් කිරීමට පියවර

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin