Colombo Today Local News

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

laxman kiriellaවිරැකියාවෙන් පෙළෙන අයට රැකියාවක් ලබා දීම කිසිවිටෙකත් දූෂණ ක්‍රියාවක් නොවන බව උසස් අධ්‍යාපන සහ මහා මාර්ග ඇමති අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ තම හිතවතුන් 65 දෙනාට රැකියා ලබා දී ඇත්තේ සම්මුඛ පරීක්ෂණ කැදවා සුදුසුකම් පරීක්ෂා කර බැලීමෙන් පසුව බවද හෙතෙම පැවසීය.

සුදුසුකම් සපුරා නොමැති අයට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රැකියා ලබාදී ඇති බවට ජනතා විමුක්‌ති පෙරමුණ සහ දූෂණ විරෝධී පෙරමුණ නඟන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයි ද කිරිඇල්ල මහතා පැවසීය.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්‌වා බලයට පත්වූ සෑම ආණ්‌ඩුවක්‌ම රැකියා නැති අයට රැකියා ලබාදුන් බව සිහිපත් කළ හෙතෙම නීත්‍යනුකූල පදනමකින් රැකියා ලබාදී තිබේ නම් එහි ඇති වරද කුමක්‌ දැයි ප්‍රශ්න කර සිටියේය.

මාර්ග ඉදිකිරීමේදී විවිධ සාමාජයීය ප්‍රශ්න මතුවන බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙම උපදේශකයන් පත්කර ඇත්තේ එම ගැටලු නිරාකරණය කර ගැනීමට බව පෙන්වා දුන්නේය.

Related posts

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday