Covid 19

ඥාතීන් බාර නොගත් කොවිඩ් මළ සිරුරු ආදාහනය කරන්න – නීතිපතිගෙන් උපදෙස්

අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද(09)දින උපදෙස් දී ඇත.

කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මෘත ශරීර ඔවුන්ගේ හිමිකරුවන් හෝ ඥාතීන් විසින් හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇතැයි ද, ඒවා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරන ලද විමසුමට අනුව නීතිපතිවරයා අදාල උපදෙස් ලබා දී ඇතැයි ද පැවසේ.

කොවිඞ් වෛරසයෙන් මියගොස් පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති, ඥාතින් හෝ හිමිකරුවන් භාර නොගත් අයගේ මෘත ශරීර නිරෝධායන නීති යටතේ ආදාහනය කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

Related posts

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

colombotoday