Colombo Today Local News

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

මහර බන්ධනාගාරයේ දී ඉකුත් දා ඇති ගැටුමෙන් මියගිය රැදවියන් 11 දෙනා අතරින් හය දෙනෙකුගේ ද සිරුරු ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මොවුන්ගෙන් දෙදෙනෙක් පෙරේදා (4) දින හදුනාගෙන ඇති අතර සෙසු සිව්දෙනා ඊයේ (5) හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස මුලින් හඳුනා ගෙන ඇති දෙදෙනා ජාඇල සහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස හදුනාගෙන ඇත්තේ ජාඇල කළු පාළම, වත්තල හුණුපිටිය ,වැලිවේරිය රතුපස්වල, වත්තල එඩේරමුල්ල, අගුරුවාතොට, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අජිත් රෝහණ මහතා කීය.

මුලින් හදුනාගත් පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර සෙසු සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

ඔවුන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් ද සිදු කළ බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් පස් දෙනෙකුගේ මළ සිරුරු හඳුනා ගැනීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ දී රැදවියන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

ඊළම ඉල්ලීම යුක්ති සහගතයි – චන්ද්‍රිකා පාසල් ළමුන්ට කියයි (Video)

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday