World

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

ගවයින් 5,800 ක් සහ නාවිකයින් 43 දෙනෙකු සමග අතුරුදහන්වූ නෞකාවක් සොයා බලධාරීන් විමර්ශන ආරම්භ කොට තිබේ. ඒ මෙම නෞකාව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදා නවසිලන්තයේ නේපීයර් වරායේ සිට චීනයේ ටැන්ගාෂන් වරාය බලා යාත්‍රා කරමින් තිබියදීය.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් නාවිකයෙකු පැසිෆික් මුහුදේ පාවෙමින් සිටියදී ජපාන වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් ඊයේ දිනයේදී බේරා ගෙන තිබේ.

පසුගිය දිනවල චීනයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ ඇතිවූ “Maysak සුළි කුණාටුවට” මෙම නෞකාව හසුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඊයේ දිනයේදී එම නෞකාවෙන් උපකාර ඉල්ලා සංඥා ලැබුණු බවට බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Gulf Livestock 1 නම් මෙම නෞකාව අඩි 438ක් දිගින් යුක්ත වන අතර එහි පිලිපීන ජාතිකයින් 39ක්, නවසීලන්ත ජාතිකයින් දෙදෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු සේවයේ නියුතුව සිට තිබේ.

මේ අතර නවසීලන්තයේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

“මේ සතුන් කිසිදාක මුහුදේ යාත්‍රා කරලා පුරුද්දක් නැහැ. අනිත් අතින් බොහෝ එළ දෙනුන් ගැබ්බරවී සිටින්නට ඇතැයි කියා අප විශ්වාස කරනවා. අතුරුදහන් වූ නෞකා කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපේ බලවත් ශෝකය පළකර සිටිනවා. මේ අයුරින් සතුන් ප්‍රවාහනය නතර කිරිමට පියවර ගන්න අවශ්‍යයි”.

අතුරුදහන් වූ මෙම නෞකාව සහ එහි සේවකයින් සොයා මේ වන විට අදාළ මුහුදු කළාපය තුල බලධාරීන් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන අතර එම මුහුදු කලාපයේ ඇතිවෙමින් පවතින තවත් සුළි කුණාටුවක් හේතුවෙන් මෙහෙයුම් වලට බාධා එල්ල වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා පළකර සිටියි.

Related posts

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

colombotoday

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday