Colombo Today Local News

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් කර ඇත.

නව පත්වීම් ලද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය (15) වන දින යුද හමුදාපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නව පත්වීම් ලිපිය භාරගත්තේය.

මෙම හමුවේදී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ නව පත්වීම වෙනුවෙන් සුභපැතුම් පිරිනැමු යුද්ධ හමුදාධිපතිවරයා ‘2020-2025 ඉදිරි උපාය මාර්ග සැලැස්ම’ සහ නිලධාරීන්ගේ පුහුණුවීම් තවදුරටත් ප්‍රවර්ධනය කරගැනිම යන කරුණු පිළිබද සහ යුද්ධ හමුදාවේ විධිවිධාන තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සමග අදහස් හුවමාරු කරගත්හ.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට පෙර ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය ලෙස රාජකාරි ඉටුකරන ලදි.

Related posts

පැය 5ක් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

colombotoday

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණයි

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday